යෝෂිතගේ ඇප අයදුම සලකා බැලීම ලබන 29 වනදා

Wednesday, 17 February 2016 - 14:30

%E0%B6%BA%E0%B7%9D%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%9C%E0%B7%9A+%E0%B6%87%E0%B6%B4+%E0%B6%85%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%B8+%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+29+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F
මුදල් විශුද්ධිකරණ පනත යටත් වරදක් සිදු කර ඇතැයි කියන සිද්ධියකට අදාලව දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින යෝෂිත රාජපක්ෂ ඇතුළු පස් දෙනාට ඇප ඉල්ලා ගොනු කළ අයදුම්පත් මේ මස 29 වැනිදා සලකා බැලීමට කොළඹ මහාධිකරණය අද (17) නියෝග කළා.

ඒ අනුව මෙහි වගඋත්තරකරුවන් වන නීතිපතිවරයා සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයාට එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි මහාධිකරණ විනිසුරු ජේ. ඒ. ඒ. ආර්. හෙයියන්තුඩුව නොතීසි නිකුත් කළේ.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් අධිකරණය හමුවේ කියා සිටියේ කඩුවෙල මහෙස්ත්‍රාත්වරයා සිය සේවාදායකයන්ට ජනවාරි මස 30 වැනිදා ලබාදුන් තීන්දුව නීති විරෝධී බවයි.

මෙම තීන්දුව ලබාදෙන අවස්ථාවේදී අධිකරණ ලඝු ලේඛිකාව අධිකරණයට පැමිණි නොසිටි බව ඔවුන් පෙන්වා දුන්නා.

මේ නිසා මෙම නඩුවට අදාල මුල් ලේඛණ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ගෙන්වා ගන්නා ලෙසද යෝෂිත ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ ජනවාරි මස 29 වැනිදා සහ පෙබරවාරි මස 01 වැනිදා අතර කාලය තුල කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණ ලඝු ලේඛිකාවගේ වාර්තා ලබා ගන්නා ලෙසයි.

එමෙන්ම මෙම නඩුවට අදාලව මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින වාර්තා මහාධිකරණය වෙත ගෙන්වා ගන්නා ලෙසද විනිසුරුවරයා නියෝග කළා.

සී.එස්.එන්. නාලිකාවේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් රාජ්‍ය දේපළ යොදාගැනීම සහ හේතු ඉදිරිපත් කළ නොහැකි මූල්‍ය ප්‍රතිපාදනවලින් එම නාලිකාව ආරම්භ කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අත්අඩංගුවට ගැනුනු යෝෂිත රාජපක්ෂ ඇතුලූ පස්දෙනා මේ මස 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනවා.

එමෙන්ම අද දිනයේ නඩු විභාග වන ආකාරය පිළිබඳව දැක බලා ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද පැමිණ සිටියා.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories