අනුරපුරයේ පාසල් 13ක් වැසෙයි

Tuesday, 14 June 2016 - 7:56

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+13%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පොසොන් උත්සව රාජකාරී කටයුතු සඳහා පිට පලාත්වලින් පැමිණෙන ආරක්ෂක අංශ සාමාජිකයින්ට නවාතැන් පහසුකම් ලබාදීම සඳහා අනුරාධපුරය, මිහින්තලේ සහ තන්තිරිමලේ ප්‍රදේශවල පාසල් 13ක් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන 16 වැනිදා සිට 22 වැනිදා දක්වා ‍අදාළ පාසල් වසා තැබෙන බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව  නිවේදනය කලා.  

අනුරාධපුරය මධ්‍යමහ විද්‍යාලය, ස්වර්ණපාලී බාලිකා මහ විද්‍යාලය, ශාන්ත ජෝෂප් මහ විද්‍යාලය, වලිසිංහ හරිස්චන්ද්‍ර මහ විද්‍යාලය, නිවත්තක චේතිය මහ විද්‍යාලය, සහිරා විද්‍යාලය,දේවනම්පියතිස්ස මහ විද්‍යාලය, විවේකානන්ද මහ විද්‍යාලය සහ මහබෝධි විද්‍යාලය අදාළ කාලය තුළ වසා තැබීමට නියමිතයි.

ඊට අමතරව මිහින්තලේ මහ විද්‍යාලය, මිහින්තලේ කණිෂ්ඨ විද්‍යාලය සහ කම්මලක්කුලම විද්‍යාලය මෙන්ම තන්තිරිමලේ විමලඥාන මහ විද්‍යාලයද වසා තබන බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories