ජගත් සරණාගත කොමිසමේ නියෝජිතයන් උතුර මහ ඇමති හමුවේ

Sunday, 09 April 2017 - 13:59

%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%B8%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
යුද්ධයේ නිමාවෙන් පසු උතුරේ තවදුරටත් සිටින යුද අනාථයන් පිළිබඳව සොයාබැලීම සඳහා එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමේ නියෝජිත පිරිසක් උතුර මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් සමග සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ පැවති එම සාකච්ඡාව සඳහා එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ ජේ. ජසරෝවා ඇතුලු නියෝජිත පිරිසක් සහභාගිවූ බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

මෙම සාකච්ඡාවේදී මූලික වශයෙන් යුද්ධයෙන් පසුවද උතුරේ සිටින සරණාගත පිරිස් පිළිබඳව ජගත් සංවිධාන නියෝජිතයන් කරුණු විමසා තිබෙනවා.

එමෙන්ම ඉන්දියාවට ගොස් යුද්ධය නිමාවෙන් පසු නැවත මෙරටට පැමිණි පිරිස් පිළිබඳවද ඔවුන් කරුණු විමසූ බව සඳහන්.

උතුර ප්‍රධාන අමාත්‍යවරයා ජගත් සරණාගත කොමිසමේ නිලධාරීන්ට ප්‍රකාශ කර ඇත්තේ යාපනය - වලිකාමම් - උතුර ප්‍රදේශයේ යුද අනාථයන් රැසක් තවමත් අවතැන්ව ජීවත්වන බවයි.

ඉන්දියාවේ සිට පැමිණි පිරිස්ද උතුරේ බොහෝ තැන්වල තාවකාලිකව රැඳී සිටින බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

අදාළ පිරිස්වලට ප්‍රමාණවත් විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වී ඇති බවයි උතුර ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories