හුංගමදී මව සමඟ ඝාතනයට ලක්වූ දියණිය පස් මස් ගැබිණියක්

Tuesday, 02 May 2017 - 18:48

%E0%B7%84%E0%B7%94%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
හම්බන්තොට - හුංගම - ගුරුපොකුණ - දකුණු බටඅත ප්‍රදේශයේදී අද (02) උදෑසන සිදුවූ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධනපාල අබේවික්‍රමගේ මූලිකත්වයෙන් පොලිස් කණ්ඩායම් තුනක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අද පෙරවරු 10 ට පමණ පොලීසියට ලැබුණු තොරතුරක් මතයි මෙම ඝාතනය පිළිබඳ තොරතුරු සොයාගත්තේ.

එහිදී මියගොස් තිබුණේ 39 හැවිරිදි යමුණා කාරියවසම් නැමති දියණිය සහ 72 හැවිරිදි ඇගේ මවයි.

ඝාතනයට ලක්ව තිබූ 39 හැවිරිදි කාන්තාව පස් මස් ගැබිණියක් බවටද තොරතුරු අනාවරණ වී තිබෙනවා.

ඇයගේ සොහොයුරා සූරියවැව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂකවරයා ලෙස කටයුතු කරනවා.

කාන්තාවගේ සිරුර ඔවුන් ජීවත්වූ නිවසේ මැද කාමරයක තිබී සොයාගත් අතර, මවගේ සිරුර එහි නාන කාමරය අසළදී සොයාගෙන තිබෙනවා.

නිවස ආසන්නයේ තිබී කැත්තක් සහ මෝල් ගසක්ද හමුවූ බවයි පොලීසිය සඳහන් කළේ. මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories