ජපානයේ භූ කම්පනයක්

Tuesday, 09 May 2017 - 12:12

%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දකුණුදිග ජපානයේ ඔකිනාවා දිවයින් පෙළට අයත් මියාකෝ දිවයිනට ඔබ්බෙන් රික්ටර් පරිමාණයේ 6ක ප්‍රබලතාවකින් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා.

එය මුහුදු පත්ලේ කිලෝමීටර් 10ක් ගැඹුරින් සිදුව ඇති බවයි ඇමරිකානු භූ විද්‍යා ආයතනය ප්‍රකාශ කළේ.

අද උදෑසන සිදුවූ මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් ප්‍රකාශයට පත් කර නැහැ.

පෘථිවියේ භූ කාරක තල එක්වන සන්ධිස්ථානයක පිහිටි ජපානයේ මෙවැනි භූ කම්පන නිරන්තරයෙන් වාර්තා වනවා.

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories