update: රට වෙනුවෙන් හිරු, සහන යාත්‍රා ක්‍රියාන්විතයේ තුන්වන ආධාර තොගය කළුතර දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ජනතාවට බෙදාහැරේ

Tuesday, 30 May 2017 - 13:01

update%3A+%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%2C+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85%E0%B7%94%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%9A
අයහපත් කාලගුණයෙන් විපතට පත් අපේම සහෝදර ජනතාවට සහන සැලසීම සඳහා ආසියානු මාධ්‍ය ජාලය දියත් කර ඇති රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයට දිවයිනේ නන් දෙසින් තවමත් ජනතාව ද්‍රව්‍යමය ආධාර ලබාදෙමින් තිබෙනවා.

මෙම ආධාරවල තුන්වන තොගය  කළුතර දිස්ත්‍රික් ලේකම් යූ.ඩී.සී. ජයලාල් වෙත අද භාරදුන්නා.

ඒ, ප්‍රදේශයේ ආපදාවලින් පීඩාවට පත් ජනතාව වෙත කඩිනමින් බෙදාහැරීම සඳහායි.

මේ වනවිට රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයට ලැබුණු එම ආධාර බෙදාහැරීමේ කටයුතු ආරම්භ කර ඇති බව කළුතර සිටින හිරු විශේෂ වාර්තාකරු ධම්මික යටිකිඳ සඳහන් කළා.

එසේම රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය වෙනුවෙන් නුගේගොඩ - නාවල පාරේ පිහිටි ප්‍රධාන මධ්‍යස්ථානයට මෙන්ම දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ස්ථාපිත කර ඇති මධ්‍යස්ථානවලට මේ වනවිටත් ආධාර විශාල වශයෙන් ලැබෙමින් පවතිනවා.

-----------------------------------------------------------------------------------------------
අයහපත් කාලගුණයෙන් විපතට පත් අපේම සහෝදර ජනතාවට සහන සැලසීම සඳහා ආසියානු මාධ්‍ය ජාලය ආරම්භ කළ රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයට දිවයිනේ නන් දෙසින් ජනතා ප්‍රතිචාර හිමි වී තිබෙනවා.

අද උදෑසන සිට නුගේගොඩ - නාවල පාරේ පිහිටි ප්‍රධාන මධ්‍යස්ථානයට මෙන්ම දිවයිනේ අනෙකුත් මධ්‍යස්ථාන වලට පීඩාවට පත්ව සිටින ජනතාවට ලබාදීම සඳහා භාණ්ඩ තොග වශයෙන් ලැබීම විශේෂත්වයක්.

එලෙස ලැබෙන ද්‍රව්‍යමය ආධාර අද දිනයේදී ගොඩබිමෙන් ද පීඩාවට පත්ව සිටින ජනතාව වෙත ලබාදීම සිදුකෙරෙනවා.

එලෙස කන්ටේනර් සහ ලොරි රථවලින් රැගෙන යන ද්‍රව්‍යමය ආධාර කළුතර දිස්ත්‍රික්කයේ පීඩාවට පත්ව සිටින ජනතාව වෙත බෙදා දීමට නියමිතයි.

මොරටුව - රාවතාවත්ත, භාවනා මූලස්ථානයේ පිහිටි ශ්‍රී වාචිස්සර දහම් පාසලේ එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති අතර, කෝට්ටේ රජමහා විහාරයේ සහ කොළොන්නාව පුරාණ රජමහා විහාරස්ථානයටත්, ද්‍රව්‍යාධාර තවදුරටත් ගෙනවිත් භාරදිය හැකියි.

ගම්පහ - මැදගම සිරිසුනන්දාරාමය, අත්තනගල්ල පුරාණ රජමහා විහාරයේ, දිවුලපිටිය - ප්‍රියදර්ශනාරාමය ආදී ස්ථානයන්ට ගම්පහ ප්‍රදේශයේ ජීවත් වන වන ඔබට ආධාර ද්‍රව්‍ය භාරදීමේ හැකියාව පවතිනවා.

කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ද හිරු සහන යාත්‍රා ව්‍යාපෘතියේ මධ්‍යස්ථාන 3 ක් ස්ථාපිත කර තිබෙනවා.

ඒ අනුව, කුරුණෑගල - පාදෙණිය රජමහා විහාරය, නිකවැරටිය - කොටවෙහෙර ශ්‍රී ජිනරතන සදහම් සෙවණ, කුරුණෑගල - බෞද්ධාලෝක විද්‍යාතන පිරිවෙන යන ස්ථානයන්ට තවදුරටත් ආධාර භාරදිය හැකියි.

නුවරඑළිය බෞද්ධ මධ්‍යස්ථානය වෙත පැමිණ විපතට පත්වූ අපේ ජනතාව වෙනුවෙන් ආධාර එකතු කරන හිරු සහන යාත්‍රාවට ආධාර ද්‍රව්‍ය භාරදිය හැකි වනවා.

මහනුවර අස්ගිරිය චන්දානන්ද බෞද්ධ විද්‍යාලයද ආධාර ද්‍රව්‍ය එකතු කරන හිරු සහන යාත්‍රාවේ තවත් එක් මධ්‍යස්ථානයක්.

හම්බන්තොට - මිරිජ්ජවිල පිහිටි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයට ද්‍රව්‍යමය ආධාර ලබාදිය හැකි වනවා.  

මේ අතර වැල්ලවාය ප්‍රධාන බස් නැවතුම්පල ඉදිරිපිට පිහිටි වෙල්ලස්ස මාධ්‍ය ඒකකයද හිරු සහන යාත්‍රාවේ තවත් එක් මධ්‍යස්ථානයක්.

කොළොන්නාව රජමහා විහාරස්ථානයට එක්රැස් වූ අති විශාල ද්‍රව්‍යමය ආධාර ඊයේ මෙන්ම අද දිනයේදිත් පීඩාවට පත්වූ ජනතාව වෙත ලබාදීම සිදුකෙරුණා.

රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය යටතේ එක්රැස් කළ දෙවන ආධාර තොගය ඊයේ පස්වරුවේ ගුවන් හමුදාව වෙත භාරදුන්නා.

ඒවා ගොඩබිමින් ළඟාවීමට නොහැකි ප්‍රදේශවල රැදී සිටින ජනතාවට ලබාදීම අදත් ගුවන් හමුදාව විසින් සිදුකරනවා.

රට වෙනුවෙන් හිරු, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය එක්රැස් කළ පළමු ආධාර තොග ගුවන් වාර 30කට වැඩි ප්‍රමාණයකින් පීඩාවට පත්ව සිටින ජනතාව වෙත ලබාදීම ද විශේෂත්වයක්.

එමෙන්ම ආසියානු මාධ්‍ය ජාලය ප්‍රේක්ෂකයන් සහ ශ්‍රාවකයන් වෙත ලබාදෙන සියලුම මුදල් ත්‍යාග අත්හිටුවා එම මුදල් ආපදා හේතුවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් වෙන් කිරීමට ද තීරණය කර තිබෙනවා.

ජනතාව විපතට පත්වූවන්ට ලබාදෙන ආධාර සහ සමානවම ආසියානු මාධ්‍ය ජාලයත් මෙම ජනතාව වෙනුවෙන් ආධාර ලබාදීම විශේෂත්වයක්.

ආපදා හේතුවෙන් සැබෑ ලෙසම විපතට පත් ජනතාව වෙනුවෙන් නිසි පරිදි මෙම ආධාර ලබාදීම සිදුකිරීමටයි  ‘‘රට වෙනුවෙන් හිරු’’, හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය සූදානම්ව ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories