වර්ජනයට විදුලි අධිකාරීවරු සහ සහකාර විදුලි ඉංජිනේරුවෝත් එක්වෙයි - හෙට සේවයට එන්නැයි ඇමතිගෙන් ඉල්ලීමක්

Sunday, 17 September 2017 - 19:18

%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%84%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%89%E0%B6%82%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9D%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
විදුලිබල මණ්ඩලයේ ඉහළ පාලනාධිකාරියට වැටුප් ගෙවීමේදී බරපතල මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවන බව පවසමින් විදුලි සේවකයන් අද 5 වන දිනටත් වර්ජනයේ නිරත වනවා.

මෙම වර්ජනයට විදුලි අධිකාරීවරුන් සහ සහකාර විදුලි ඉංජිනේරුවන් මේ වන විට සහාය පළ කර ඇති බවයි ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රන්ජන් ජයලාල් සදහන් කළේ.

කෙසේ වෙතත්, විෂය භාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වර්ජනයේ නිරත සේවකයින්ගෙන් ඉල්ලා සිටියේ හෙට දිනයේදී සේවයට වාර්තා කරන ලෙසටයි.

අද දිනයේදී සේවක වර්ජනයට සහය පළ කරමින් එක්වූ විදුලි තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ සභාපති අජිත් මුණසිංහ ප්‍රකාශ කළේ හෙට දහවල දක්වා බලධාරීන්ට තම ඉල්ලීම් සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට අවස්ථාව ලබාදී ඇති බවයි.

කෙසේ වෙතත්, ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු කියා සිටියේ විදුලි සේවක වර්ජනය අසාධාරණ එකක් බවයි.

මේ අතර, විදුලි සේවකයින් වර්ජනයේ යෙදුනු පසුගිය 14 සහ 15 යන දින දෙක වැටුප් සහිත නිවාඩු දින ලෙස සේවකයින්ට ලබාදීමට පාලන අධිකාරියට උපදෙස් දී ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා.

විදුලි සේවක වර්ජනය හමුවේ ට්‍රාන්ස්ෆෝමර් සහ විදුලි රැහැන්වල ආරක්ෂාව සඳහා පොලීසියේ සහය ලබාගැනීමට ද විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ප්‍රදේශ ගණනාවකින් වාර්තාවූ සිද්ධීන් සැළකිල්ලට ගෙන කඩාකප්පල්කාරී ක්‍රියාවන් වැළැක්වීමේ පියවරක් වශයෙන් මෙලෙස පොලිස් ආරක්ෂාව ලබාගැනීමට තීරණය කළ බවයි එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

නීතිවිරෝධී ලෙස විදුලිය විසන්ධි කිරීමට උත්සාහ කළ විදුලි සේවකයෙකු කුලියාපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.   

කෙසේ වෙතත්, අද දිනයේදී ද ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි වී ඇති බවට තොරතුරු වාර්තා වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories