පල්ලිය රාජ්‍ය නොවන සංවිධානයක් නොවේ. - ෆ්‍රැන්සිස් පාප් වහන්සේ.

Friday, 15 March 2013 - 7:55

%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A.+-+%E0%B7%86%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A.


ලොව පුරා කිතුනුවන්ගේ නායකත්වය හිමිවූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඊයේ සිය ධුරයේ ප්‍රථම දිනයේ නිල සේවාවන්හි නිරත වුණා. එමෙන්ම, නව පාප් වහන්සේ එහිදී සිය දර්ශනය ඉදිරිපත් කිරීමට ද උත්සුක වූ බවයි රෝමයෙන් ලැබෙන වාර්තා සඳහන් කළේ. සිස්ටීන් දේවාස්ථානයේ පැවති ප්‍රථම දේව මෙහෙය සඳහා කාදිනල්වරුන්, හිටපු පාප් වහන්සේ සහ වතිකානුවේ කාර්ය මණ්ඩලය පමණක් සහභාගි වුණා. ප්‍රථම ලතින් ඇමෙරිකානු සහ ජේසු නිකායික පාප් වහන්සේ වන ෆ්‍රැන්සිස් පාප් වහන්සේට ලොව පුරා කිතුනුවන්ගේ සුභ පැතුම් ලැබෙමින් පවතින බවයි වතිකානුව සඳහන් කළේ. කතෝලික පල්ලිය එහි මූලික ආගමික මෙහෙවර අමතක කළහොත් එය තවත් රාජ්‍ය නොවන සංවිධානයක් බවට පත්විය හැකි බවයි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශ කළේ. එවැනි තත්ත්වයකට කතෝලික පල්ලිය පත් නොකරන ලෙස පාප් වහන්සේ කිතුනුවන්ගෙන් ඉල්ලා සිටියා. කතෝලික පල්ලිය කුඩා දරුවන් විසින් වැල්ලේ තැනන මාලිගාවක් නොකළ යුතු බවයි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories