කහටගහ පතලේ උපවාසය තවදුරටත්.

Thursday, 18 April 2013 - 12:47

%E0%B6%9A%E0%B7%84%E0%B6%A7%E0%B6%9C%E0%B7%84+%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A.

කුරුණෑගල - ගොකරැල්ලේ පිහිටි කහටගහ මිනිරන් පතලේ සේවකයන් ආරම්භ කළ උපවාසය තවදුරටත් ක්‍රියාත්මකයි. එම මිනිරන් පතලේ සේවකයින් 70 දෙනෙකුට ආසන්න පිරිසක් අඩි දහසක පොළොව අභ්‍යන්තරයේ උපවාසයක් ඊයේ ආරම්භ කළා. අප වාර්තාකරු සඳහන් කළේ ඔවුන්ගෙන් 45 දෙනෙකු පමණ තවදුරටත් උපවාසයේ නිරතවන බවයි. ඒ, අඩි 1000 ක් පමණ පතල අභ්‍යන්තරයේයි. මෙම උපවාසයේ නවතම තොරතුරු දැනගැනීමට අප සම්බන්ධ කරගත්තා රිදීගම හිරු ප්‍රාදේශීය වාර්තාකරු සම්පත් බාලසූරිය.

[MP3]s57363_1[/MP3]

මිනිරන් පතල තුළ මෙම සේවකයන් උපවාසය ආරම්භ කළේ අලූත් අවුරුද්දට ලබාදුන් ප්‍රසාද දීමනා සේවා ස්ථිර කිරීම් ඇතුළු ඉල්ලීම් 5කට  විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින්. ඊයේ රාත්‍රියේදී කහටගහ ග්‍රැෆයිට් සමාගමේ සභාපති ඞී. කලංසූරිය සහ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පී. දයාරත්න ඇතුලූ පිරිසක් මෙම ස්ථානයට ගොස් තිබෙනවා. එහිදී උපවාසකරුවන් සඳහන් කර ඇත්තේ ගැටළුව නිරාකරණය කරගැනීමට අවශ්‍යනම් කහටගහ ග්‍රැෆයිට් සමාගමේ සභාපතිවරයා පතල තුළට පැමිණ තමන් සමඟ සාකච්ඡා කළයුතු බවයි. එහෙත් සභාපතිවරයා එය ප්‍රතික්ෂේප කළ බවයි කහටගහ ග්‍රැෆයිට් සමාගමේ ප්‍රධාන තාක්ෂණ නිලධාරී රංජිත් මංචනායක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

[MP3]s57363_2[/MP3]

කෙසේ වෙතත්  අවුරුදු නිවාඩුවෙන් පසු අද රාජකාරි සඳහා පැමිණි සේවකයින් 15 දෙනෙකුට පමණ මෙම පතල පිහිටි භූමියට ඇතුල්වීම සඳහා බලධාරීන් අවසර ලබාදී නැහැ. ඔවුන් හිරු ප්‍රවෘත්ති අංශය වෙත සඳහන් කළේ තමන් මෙම උපවාසයට එක්වීමට සූදානමින් සිටින බවයි.


[MP3]s57363_3[/MP3]

 කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශ ලේකම් අනුර සිරිවර්ධනගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේදී මේ වනවිට සාකච්ඡාවක් පැවැත්වෙන බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories