අසාද් සාලි අත්අඩංගුවට.

Thursday, 02 May 2013 - 12:49

%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.

කොළඹ මහ නගර සභාවේ හිටපු උප නගරාධිපති අසාද් සාලි අද (02) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිලි කිහිපයක් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා කොළොන්නාවේ පිහිටි නිවසේදී ඔහු අත්අඩංගුවට ගත් බවයි.

 
කොළඹ පුරහල දවටගහ මුස්ලිම් පල්ලියේ පාලක මණ්ඩලයේ ආගමික කමිටු සභාපති සෙයිද් හසන් මවුලවිතුමාට බලපෑම් කළ බවට දෙමළ මුස්ලිම් ජාතික සන්ධානයේ නායක අසාද් සාලිට මීට පෙර චෝදනා එල්ලවී තිබුණා. ඊට අදාළව පසුගිය මාර්තු 28 වැනිදා කොළඹ අපරාධ කොට්ඨාශය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී කරුණු ඉදිරිපත් කරනු ලැබුවා. අධිකරණය හමුවේ කරුණු දක්වමින් කොළඹ අපරාධ කොට්ඨාශය කියා සිටියේ මෙම චෝදනාව සම්බන්ධයෙන් මවුලවිතුමන් පැමිණිල්ලක්ද ගොනු කර ඇති බවයි. ඊට අදාළව අසාද් සාලි අත්අඩංගුවට ගැනීමට දැනට අවශ්‍යතාවයක් නැතත් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍ය වුවහොත් ඔහු අත්අඩංගුවට ගැනීමට සිදුවන බවද පොලීසිය එහිදී සඳහන් කළා. ඒ වනවිට අසාද් සාලි අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබීම හේතුවෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි කියා සිටියේ අත්අඩංගුවට ගතහොත් රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහැරිය හැකි බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories