ජනපතිගෙන් පාප් වහන්සේට ඇරයුම්.

Friday, 02 August 2013 - 18:45

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%A7+%E0%B6%87%E0%B6%BB%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A.

ශ්‍රී ලංකාවේ චාරිකාවක නිරත වන්නැයි ශුද්ධෝත්තම පළමුවන ෆ්‍රැන්සිස් පාප් වහන්සේට ආරාධනා කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලිපියක් යොමුකර තිබෙනවා. එය රාජ්‍ය තාන්ත්‍රික මාර්ග ඔස්සේ වතිකානුව වෙත යවා ඇති බවයි ජනාධිපති ප්‍රකාශක මොහාන් සමරනායක සඳහන් කළේ. පාප් වහන්සේ ලබන වසරේදී ශ්‍රී ලංකාවේ සහ පිලිපීනයේ සංචාරය කිරීමට නියමිත බව මීට පෙර වාර්තා වුණා. ඒ, උන්වහන්සේගේ ආසියානු චාරිකාවට සමගාමීවයි. දශක 03 ක ගැටුමකින් මිදුණු සුන්දර දිවයිනක් වූ ශ්‍රී ලංකාවට, පාප් වහන්සේගේ පැමිණීම අමරණීය අවස්ථාවක් වන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය ආරාධනයේ දක්වා තිබෙනවා. ශ්‍රී ලංකාව සහ වතිකානුව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වන්නේ 1970 වසරේදීයි. 06 වන පාවුළු පාප් වහන්සේ 1970 දීත්, දෙවන ජුවාන් පාවුළු පාප් වහන්සේ 1995 වසරේදීත් ශ්‍රී ලංකාවට පැමිණියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories