මංගල්යාන් රතු ග්‍රහයා වෙත ගමන් අරඹයි.

Sunday, 01 December 2013 - 8:21

%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%94+%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%AD+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92.
රතු ග්‍රහයාගේ රහස් හෙළි කරගැනීමට යවන ඉන්දියානු චන්ද්‍රිකාව ‘‘මංගල්යාන්’’ ඊයේ පෘථිවි කක්ෂයෙන් මිදී අඟහරු වෙත ගමන් ඇරඹුවා. එය පෘථිවි කක්ෂයේ ගමන් කරමින් පැවතුණේ පසුගිය නොවැම්බර් 5 වැනිදා සිටයි. එහිදී රොකට් දහනයන් කිහිපයක් සිදු කෙරුණු අතර ඉන් අසාර්ථක වූයේ එක් දහනයක් පමණයි. දැන් එය ආරම්භ කර ඇත්තේ කිලෝමීටර් මිලියන 680ක් ගෙවා අඟහරු වෙත ගමන් කිරීමේ දින 300 ක දීර්ඝ චාරිකාවක්. එය 2014 වසරේ සැප්තැම්බර් 24 වැනිදා වනවිට අඟහරු වෙත ළඟාවීමට අපේක්ෂිතයි. අඟහරු වෙත ගමන් කිරීමට සිය අභ්‍යාවකාශ තාක්ෂණය සංවර්ධනය වී ඇති බව ඉන්දියාව, මංගල්යාන් යානය මගින් ප්‍රදර්ශනය කරනු ලබනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories