රැකියාවකට ඉල්ලුම් කල පිරිසක් චීනයේ වාර්තා අතරට එක්වෙයි

Wednesday, 26 October 2016 - 16:36

%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
එක් රැකියාවකට අයදුම්කරුවන් දස දහසකට ආසන්න සංඛ්‍යාවක් පෙනී සිටීමේ සිදුවීමක් චීනයෙන් වාර්තා වනවා.

ආපන ශාලාවකට පැමිණෙන පාරිභෝගිකයන්ට තේ ලබාදීම මෙන්ම ඔවුන් පිළි ගැනීම බොහෝ දෙනෙකු බලාපොරොත්තුවන රැකියාව නොවේ.

එහෙත් පිළිගැනීමේ නිලධාරී රැකියාවකට අයදුම්කරුවන් දහසක් පෙනී සිට ඇත්තේ රජය විසින් පළකල දැන්වීමකට අනුවයි.

චීනයේ සිවිල් පරිපාලන සේවයේ රැකියා වෙනුවෙන් දැඩි ඉල්ලුමක් පවතිනවා. අයදුම්කරුවන් දස දහසකට ආසන්න ප්‍රමාණයක් පෙනී සිටි තනතුර නම්කර ඇත්තේ මහජන පිළිගැනීමේ නිලධාරී ලෙසටයි.

විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ මෙම රැකියාවට මෙතරම් පිරිසක් අයදුම් කිරීමට හේතුව වී ඇත්තේ එය ඉතා පහසු රැකියාවක් හේතුවෙන් බවයි.

එමෙන්ම එය ලබාදීමට ඉදිරිපත්ව සිටින බලධාරීන්ගේ කීර්තිනාමය ද මෙතරම් ප්‍රමාණයක් ඉල්ලුම් කිරීමට හේතුව වී තිබෙනවා.

2013 වසරේදී ද චීන ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ රැකියාවක් සඳහා ද ඉල්ලුම්කරුවන් 9400 ක් පෙනී සිටි බවයි විදෙස් පුවත්සේවාවල දැක්වෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories