බොදුබල සේනාව අන්තවාදී ප්‍රහාරයක් ගැන අනතුරු අගවද්දී අසාද් සාලි කළ තර්ජනය

Thursday, 25 April 2019 - 15:29

%E0%B6%B6%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%B6%E0%B6%BD+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA
ඉස්ලාම්කරණය සහ ෂරියා නීතිය ක්‍රියාත්මක කිරීමට ගනු ලබන රහසිගත උපායමාර්ගික ක්‍රමවේද පිළිබඳ බොදුබල සේනා සංවිධානය විසින් පසුගිය සමයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපි කිහිපයක් මේවන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.

එම ලිපි මගින් බොදුබල සේනා සංවිධානය පෙන්වාදී ඇත්තේ මෙවැනි ක්‍රියාමාර්ග රටේ සාමයට සමගියට බාධා මතුවන අතර ISIS ඉස්ලාමික ත්‍රස්තවාදීන්ගේ බලපෑම යටතේ මෙරට ත්‍රස්තවාදී පරිසරයක් නිර්මාණයට ඉඩකඩ පවතින බවයි.

මෙය මුස්ලිම් විරෝධයක් හෝ ජාතිවාදයක් ලෙසට හෝ ආගම්වාදයක් ලෙසට නොසැලකිිය යුතු අතර මෙය ජාතික ආරක්ෂාව, සමානාත්මතාව, ආගමික නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය ඇතුළු අංශ කිහිපයකට බලපෑම් ඇති කරන ඉතා මෑත අනාගතයේදී ප්‍රචණ්ඩත්වය හා ත්‍රස්තවාදය පිළිබඳ සාධක ලෙස හඳුන්වාදෙන බව ද බොදුබල සේනා සංවිධානය පෙන්වා දුන්නා.

කෙසේවෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මුහම්මද් නබි තුමන් පිළිබඳ කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් තර්ජනයක් සිදු කළා.

අසාද් සාලි පැවසුවේ තම ආගමේ ප්‍රධානියා සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති බවත් ආගම වෙනුවෙන් මරාගෙන මැරෙන්නට තමන් සුදානම් බවයි.

එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් බොදුබල සේනාව පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමින් එම අවස්ථාවේදී පෙන්වා දුන්නේ අසාද් සාලිගේ එම ප්‍රකාශය ISIS පන්නයේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් බවයි.

මෙය තමන්ගේ අවසන් අනතුරු ඇඟවීම බවත් දන්වමින් ඔහු මරණීය තර්ජනයක් ප්‍රසිද්ධ මාධ්‍ය හරහා එල්ල කර ඇති බව බොදුබල සේනා සංවිධානය පෙන්වා දුන්නා.

බහුතරයක් මුස්ලිම් ජනතාව මෙම අන්තවාදයට නැඹුරු වී නොමැති බැවින් වහාම මෙම තත්වය වර්ධනය නොවීමට කටයුතු කිරීමට සියලුදෙනා කටයුතු නොකළ හොත් තත්වය ඉතාමත් දරුණු විය හැකි බවට තම සංවිධානයේ විශ්වාසය බවයි බොදුබල සේනා සංවිධානය පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපිය මගින් එම අවස්ථාවේදී පෙන්වා දුන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories