Hard Talk

Saturday, 08 June 2013 - 10:44

Hard+Talk

13 වන ව්‍යවස්ථා සංශෝධනය රටේ ප‍්‍රධාන දේශපාලන මාතෘකාවක් බවට පත්ව තිබෙන මොහොතක ඒ පිළිබදව කොළඹ සිට හඬ නගන දේශපාලනඥයෙක් වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්. මීට පෙර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වූ ඔහුට අද දවසේ පාර්ලිමේන්තුව අහිමි වී තිබෙන්නේ ඔහුගේ සහෝදරයා වන ප‍්‍රභා ගනේෂන් හේතුවෙන්. පසුගිය මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් ප‍්‍රභා ගනේෂන් කොළඹ දිස්ත‍්‍රික්කයට තරග කළ අතර, ඔහුගේ සහෝදරයා වූ මනෝ ගනේෂන් තරග කළේ මහනුවර දිස්ත‍්‍රික්කයෙන්. කොළඹ දිස්ත‍්‍රික්කයෙන් තරග කළ ප‍්‍රභා ගනේෂන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණත් පසුව ඔහු ආණ්ඩු පක්ෂයට එකතු වුණා. මේ නිසා තම සහෝදරයා අහිමි වූ බව පවසන මනෝ ගනේෂන්, අද හාර්ඩ් ටෝර්ක් තුළින් ප‍්‍රශ්න කිරීමට ලක්වනවා.

 
[MP3]s60560[/MP3]