Hard Talk

Saturday, 19 October 2013 - 9:43

Hard+Talk

පසුගිය පළාත් සභා ඡන්ද විමසීමේදී වැඩිම අවධානය වයඹ පළාත දිනා ගත්තත්, ඉහළම වැදගත්කම හිමි වී තිබුණේ උතුරේ ඡන්දයටයි. ඡන්දයෙන් පසු ප‍්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රශ්න මතු වූ අතර, ජයග‍්‍රහණය කළ නිදහස් සන්ධානයේද සභාපති ධුර තෝරා ගැනීමේදී අර්බුද පැන නැගුණා. ජනතා විමුක්ති පෙරමුණේ මාතර ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයෙකු ඉල්ලා අස්වූයේද ඡන්දයෙන් පසුවයි. ක්ෂණිකව ඉදිරියට ආ සරත් ෆොන්සේකාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ ගැටුම් මේ වනවිට නැවතී ඇත්තේ අභියාචනාධිකරණයේයී. ජාත්‍යන්තරයේ අවධානයට පවා පාත‍්‍රා වූ උතුරේ මැතිවරණය පක්ෂ 05 කින් සමන්විත දෙමළ ජාතික සන්ධානය ජයගත්තත්, එම සන්ධානයේද ගැටුම් හටගෙන ඇත්තේ නොගැලපෙන අදහස් හේතුවෙන්. මහ ඇමති විග්නේෂ්වරන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දීම ටෙලෝ සහ ඊ.පී.ආර්.එල්.එෆ්. තරයේ ප‍්‍රතික්ෂේප කළා. එහෙත් මහ ඇමතිවරයා ජනාධිපතිවරයා ඉදිරියේ ප‍්‍රධාන ඇමති ධුරයට සහ ඇමති ධුරයන්ට දෙවරක් දිවුරුම් දුන් අතර, අවසානයේ මන්තී‍්‍රවරුන්ගේ දිවුරුම්දීම එකට සිදුකිරීමට ඔවුන්ට නොහැකි වුණා. ප‍්‍රභාකරන් ඝාතනයට ලක්වු වෙල්ලමුල්ලිවයික්කාල් හිදී ටෙලෝ සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්.කේ.සිවාජිලිංගම් දිවුරුම් දුන්නේ දෙමළ ජාතික සන්ධානයේ තීරණ තවදුරටත් අභියෝගයට ලක් කරමින්. මෙලෙස උතුරේ තැනින් තැන දිවුරුම් දුන් ප්ලොට්, ඊ.පී.ආර්.එල්.එෆ්., ටෙලෝ සහ තමිල් අරසු පක්ෂ මන්තී‍්‍රවරුන් තවමත් විවිධ ප‍්‍රකාශ සිදුකරමින් සිටිනවා. එවන් වාතාවරණයක් තුළ අද හාර්ඞ් ටෝක් තුළින් ඍජුවම ප‍්‍රශ්න කිරීමට ලක්වන්නේ උතුර පළාත් සභා මන්තී‍්‍ර එම්.කේ.සිවාජිලිංගම්.

 
[MP3]s69592[/MP3]