Hard Talk

Saturday, 20 July 2013 - 9:23

Hard+Talk

මෙරට ප‍්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂය තුළ අභ්‍යන්තර ආරවුල් පසුගිය කාලයේ නිරන්තරයෙන් වාර්තා වුණා. මන්ත‍්‍රීවරුන් රැසක් ආණ්ඩුවට එක්වූ අතර තවත් මන්ත‍්‍රීවරුන් පිරිසකට එරෙහිව විනය පරීක්ෂණ සිදුකිරීමටයි එම පක්ෂය තීරණය කළේ. එසේ විනය පරීක්ෂණයට ලක් කළ මන්ත‍්‍රීවරුන්ගෙන් දෙදෙනෙකුගේ විනය පරීක්ෂන අවසන් කිරීමටත් තවත් පිරිසක් පොදු සමා කාලයකට යටත් කිරීමටත් තීරණය වුණේ පසුගිය දා පැවැති එක්සත් ජාතිකපක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවේදියි. එහෙත් ඇතැම් මන්ත‍්‍රීවරුන්ගේ විනය පරීක්ෂණ තවදුරටත් සිදුකරමින් පවතිනවා. මෙම අර්බුදකාරී සමයේ අඛණ්ඩව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා ලෙස කටයුතු කළේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායකයි. පවතින තත්ත්වය හමුවේ එක්සත් ජාතික පක්ෂයේ අනාගතය කෙබඳු වේද ? ඒ සම්බන්ධයෙන් හාර්ඩ් ටෝක් තුළින් අප ඔහුගෙන් ඍජුවම ප‍්‍රශ්න කළා.

 
[MP3]s63403[/MP3]