පළාත් සභා මැතිවරණය පැවැත්වෙන පළාත් තුනෙන් උතුරු පළාත පිළිබඳ වැඩි අවදානයක් යොමුව තිබුණත් දැන් එය වයඹ පළාත වෙත මාරු වී තිබෙනවා. ඒ. එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වූ දයාසිරි ජයසේකර හිටපු මන්ත‍්‍රීවරයා වයඹ පළාත් සභා මැතිවරණයට සන්ධානයෙන් තරඟ කිරීමට තීරණය කිරීමත් සමඟයි. මෙම පක්ෂ මාරුවට පෙර වයඹ පළාත් මහඇමති අපේක්ෂකයා ලෙස ජ්‍යෙෂ්ඨ අමාත්‍ය එස්.බී. නාවින්න තරඟ කිරීමට තීරණය කර තිබුණා. හිටපු මහඇමති අතුල විජේසිංහට එරෙහිව යම් යම් ප‍්‍රකාශ කර තිබූ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා දයාසිරි ජයසේකරගේ ආගමනය පිළිගන්නේ කෙසේ ද? අද හාර්ඞ් ටෝක් තුළින් ඍජුවම ප‍්‍රශ්න කිරීමට ලක්වන්නේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය එස්.බී. නාවින්නයි.
[MP3]s63848[/MP3]